mganeson

ගරු මනෝ ගනේෂන් මැතිතුමා
ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය.

අමාත්‍ය, ගරු මනෝ ගනේෂන් මැතිතුමා මහජන ඡන්දයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙත තේරී පත්වූ සාමාජිකයෙකි. ඔහු නියෝජනය කරන්නේ ශ්‍රී ලංකාවේ අගනුවර වන කොළඹ නගරය පිහිටා ඇති කොළඹ දිස්ත්‍රික්කයයි.

ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය, ගරු මනෝ ගනේෂන් මැතිතුමා, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ පක්ෂයෙහි නායකයා මෙන්ම,  ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, කඳුරට ජනතා පෙරමුණ හා ජාතික කම්කරු සංගමය යන පක්ෂයන්ගෙන් සැදුම්ලත් දෙමළ ප්‍රගතශීලී සන්ධානයෙහි ද නායකයා වෙයි. තවද, ගරු අමාත්‍යවරයා  ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු කොංග්‍රසයෙහි සභාපතිවරයා වන අතර ශ්‍රී ලාංකික අනන්‍යතාවය පිළිබඳ උප කමිටුව සඳහා විශේෂ අමාත්‍යවරයා ලෙසද, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවෙහි සමසභාපතිවරයා ලෙසද කටයුතු කරයි.

සහජීවනය, සෙසු ආගම් ඉවසීම, අන්තර් ආගමික සංවාද පෝෂණය, භාෂා ගැටළු හා මානව හිමිකම් සම්බන්ධයෙන් මෙම අමාත්‍යාංශය කටයුතු කරයි.

2001 වර්ෂයේදී පිහිටුවන ලද ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ ශ්‍රී ලංකාවේ ලාබාලතම දේශපාලන පක්ෂය වෙයි. මෙය ශ්‍රී ලංකාවේ බටහිර තීරයෙහි වෙසෙන 500,000 කට අධික දමිළ ජනතාවට නායකත්වය දී ඇති පක්ෂයකි. ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ මෑතදී (2006-2008) තම වෘත්තීය සංගමය වන ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු කොංග්‍රස හරහා වතු ආශ්‍රිත දේශපාලන ක්‍රියාවලියට අවතීර්ණ වී ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු කොංග්‍රසය ශ්‍රී ලංකාවේ තේ/රබර් වතු පදනම් කරගත් වෘත්තීය සංගමයකි. මෙහි සාමාජිකත්වය පූර්ණ වශයෙන් සෑදී ඇත්තේ ඉන්දියානු සම්භවයක් සහිත වතු කම්කරුවන්ගෙනි. ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු කොංග්‍රසය 1963 වර්ෂයේදී පිහිටුවන ලද අතර ලංකා ඉන්දියානු කොංග්‍රසයෙන් බිහිවූ පුරෝගාමී වෘත්තීය සංගමයකි.

සිවිල් අධීක්ෂණ කොමිසම යනු ශ්‍රී ලංකාව තුළ ස්ව කැමැත්තෙන් තොරව සිදුවන අතුරුදන්වීම්, අපහරණයන්, බහිර් අධිකරණ ඝාතන, පැහැරගැනීම් හා අත්තනෝමතික අත්අඩංගුවට ගැනිම් හා රඳවාගැනීම් පිළිබඳ විමසිලිමත්ව තොරතුරු ග‍‍වේශණය කර ගැනීම සඳහා පිහිටුවාගෙන ඇති ස්වාධීන මහජන ව්‍යාපාරයකි. සිවිල් අධීක්ෂණ කොමිසම 2006 වර්ෂයේ සැප්තැම්බර් 19 දින පිහිටුවන ලදී. මෙහි කැඳවුම්කරු ලෙස ක්‍රියාකරන මනෝ ගනේෂන් මැතිතුමා ඊට අවශ්‍ය මූලික ශක්තිය සපයයි.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් “ෆ්රීඩම් ඩිෆෙන්ඩර්” සම්මානයේ දෙවන ස්ථානය මෙතුමා වෙත 2007 වර්ෂයේදී පිරිනමන ලදී. අමාත්‍යවරයා සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයම භාවිත කරමින් ශ්‍රී ලංකාව තුළ සිය කාර්යයන් සිදුකරයි. ඔහුගේ පක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කරයි.

අමාත්‍ය කාර්ය මණ්ඩලය

නම පදවිය දුරකථන අංකය ෆැක්ස් අංකය
ප්‍රියානි ගුණරත්න මිය ගරු අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් +94 112 883 715 +94 112 883 690
කේ. උදයකුමාර් මහතා සම්බන්ධීකරණ ලේකම් +94 112 883 693 +94 112 883 690
එස්. කුගවර්ධන් මහතා සම්බන්ධීකරණ ලේකම් +94 112 883 692 +94 112 883 690
සුරාජ් අල්විස් මහතා මාධ්‍ය ලේකම්   +94 112 883 691
එස්. රාජේන්ද්‍රන් මහතා මහජන සම්බන්ධතා නිලධාරි +94 112 883 716  

නවතම පුවත්

මේ රටේ විවිධ භාෂා කතා කරන ජන වර්ග දහ නවයක් ඉන්නවා. මේ විදියට විවිධ භාෂා කතා කිරීම ලස්සනයි,වර්ණවත්.ඒ විවිධත්වය තමයි අපේ ශක්තිය. - ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය ගරු මනෝ ගනේසන් මහතා

අප්‍රේල් 08 2017

මේ රටේ අනාගත නායකත්වය දරුවන් බව ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය ගරු මනෝ ගනේසන් මහතා පවසනවා.රටේ අනාගතය භාර...

ගරු මනෝ ගනේසන් අමාත්‍යතුමා කොළඹදී සිදු කළ කතාව

අප්‍රේල් 08 2017

මෙරට දරුවන්ගේ අධ්‍යාපන මට්ටම වැඩි දියුණු කිරීම සියලු මහජන  නියෝජිතයින්ගේ වගකීමයි. - ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය ගරු...

ශ්‍රී ලාංකික අනන්‍යතාවය යටතේ ජීවත් වන හැමෝම එක්සත් කිරීම තමයි මගේ වගකීම - ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය ගරු මනෝ ගනේසන් මහතා

අප්‍රේල් 09 2017

ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යවරයා වශයෙන් මෙම රාජ්‍ය භාෂා විෂය පථය මෙන්ම සහජීවනය හා සංවාද යන විෂය පථයන්...