මෙරට දරුවන්ගේ අධ්‍යාපන මට්ටම වැඩි දියුණු කිරීම සියලු මහජන  නියෝජිතයින්ගේ වගකීමයි. - ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය ගරු මනෝ ගනේසන් මහතා කියයි

images/DSC_5291.JPGමෙරට දරුවන්ගේ අධ්‍යාපන මට්ටම වැඩි දියුණු කිරීම සියලු මහජන  නියෝජිතයින්ගේ වගකීම බව ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය ගරු මනෝ ගනේසන් මහතා පවසනවා. ඇමතිවරයෙකු හෝ මන්ත්‍රීවරයෙකු හෝ වේවා, එය ඔවුන්ගේ පළමු රාජකාරිය කියලයි මම දකින්නේ. මොකද? මම එහෙම කියන්නේ මේ ළමුන් අතර මට පෙනෙනවා අනාගත ඇමතිවරු, මන්ත්‍රීවරු, දොස්තරවරු,  ඉංජිනේරුවරුන් මෙන්ම ගණකාධිකාරිවරුන් ඉන්න බව. එය තමයි අම්මලාගේ, තාත්තලාගේ සිහිනය වෙන්නේ. හැබැයි මම මේ වෙලාවේදී කියන්න කැමතියි අර ඇමතිවරු මන්ත්‍රීවරු වෙන්න කැමති අය කවදාවත්ම හොරකම් කරන්න එපා කියලා. දෙමවුපියන් ඒ ගැන කියලා දෙන්න. එහෙම අය මනෝ ගනේසන් වගේ ඉන්න තීරණය කරන්න කියලයි මට කියන්න වෙන්නේ. මොකද වෙන අය ගැන මම කියන්න දන්නේ නැති නිසා. ඒ නිසා නැති බැරි ළමුන්ට, දුප්පත් ළමුන්ට වගේම මධ්‍යම පාන්තික ළමුන්ට උදවු කිරීම තමයි මගේ පරමාර්ථය. ඒකට අපේ අමාත්‍යංශයේ ලේකම්තුමා, හිටපු නාගරික මන්ත්‍රීනී ප්‍රියානි ගුණරත්න ඇතුළු නිලධාරීන් සම්පුර්ණ සහාය ලබා දීලා තිබෙනවා. ඒ නිසා මේ පොත්පත් අරගෙන යන ළමුන් තමන්ගේ අධ්‍යාපනය වැඩි දියුණු කර ගන්න ඕනි. ඒකයි මගේ බලාපොරොත්තුව. අමාත්‍ය මනෝ ගනේසන් මහතා මේ බව ප්‍රකාශ කලේ ඊයේ කොළඹ 13, විවේකානන්ද කන්ද, ශාන්ත අන්තෝනි පිරිමි මහා විදුහල් පරිශ්‍රයේ පැවතී පාසල් ළමුන් දහසකට(1000) පාසල් පොත්පත් බෙදා දීමේ උත්සවයකට එක්වෙමින්.                             

මේ තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා.................

DSC 5305 අනාගතයේදී මම තව තවත් වැඩි වැඩියෙන් පාසල් උපකරණ ලබා දීමට කටයුතු කරනවා. ඒ නිසා ඔබ සියලු දෙනා  මේවා අරගෙන ගිහින් මගේ බලාපොරොත්තුව ඉෂ්ට කලොත් තමයි මට පිනක් ලැබෙන්නේ. ඒ වගේම මේ පොඩි ළමයි වයස අවුරුදු දහ අටක් විතර වුණාට පස්සේ ඡන්දය එහෙම දාන කාලේ වෙනකොට මම ඡන්දය එහෙම ඉල්ලන්න බලාපොරොත්තුවක් නැහැ. මම අයින් වෙලා යනවා. ඒ නිසා මම ඡන්ද දායකයෝ හදන වැඩක් නෙවෙයි මේ කරන්නේ. ඒ නිසා අම්මලාට තාත්තලාට ඕනි නම් මට ඡන්දය දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඡන්දය නොදී ඉන්නත් පුළුවන්.

මට ආරංචි වුණා අපේ රතු පාට මහත්තයෙක් ඉන්නවා පාර්ලිමේන්තුවේ රැවුල තියෙන කෙනෙක්. එයා මේ කියලා තියෙනවලු හම්බන්තොට ගැන නඩු දාන්න යනවා කියලා. ඒ නිසා මම කරුණා කරලා කියනවා වාසුදේව නානායක්කාර මහත්තයට අනේ නඩු දාන්න කියලා. අපිටත් ඒක තමයි අවශ්‍ය වෙන්නේ. අර සේද මාවතේ යන නැව්‍ වලින් දෙකක්, තුනක් අපි අමාරුවෙන් ගෙනාවා හම්බන්තොටට. ඒ කාලේ අර මාගම්පුර වරාය හැදුවා, නමුත් නැව් එන්නේ නැහැ. හරියට ගුවන් යානා නොමැති ගුවන්තොටුපොළ වගේ.කොහොම වුණත් මේවා විනාශ වෙන්න දෙන්නේ නැතුව යලි ගඟට විසි නොකර අපේ ජනාධිපතිතුමා සහ අගමැතිතුමා නැවත සාකච්ඡා කළා චීනය සමග. ඒ විදියට සාකච්ඡා කරලා අලුත් ගිවිසුමක් ගහගෙන, අලුත් සැලසුමක් අරගෙන ඒ වෙනුවෙන් තැන්පත් කල මුදල් අරගෙන අපිට වගේම චීනයට වාසි වෙන විදියට සැලසුම් හදනවා. ඒකට ඒ උදවිය ඊර්ෂ්‍යා කරනවා. මේ වරාය හැදුවේ කවුද? චීන වරාය සංස්ථාව. මේ නිසා ඒ සංස්ථාව සැලසුම් සකස් කරලා දීලා තියෙන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 750 කටයි. ඒ කියන්නේ රුපියල් කෝටි එකොලොස් දහසක් පමණ. නමුත් අපේ හිටපු ආණ්ඩුව පසුගිය පාලනය රුපියල් කෝටි විසි එක්දහසක පමණ ණය ප්‍රමාණයක්  අරගෙන තියෙනවා. ඒ නිසා වාසුදේව නානායක්කාර මහත්තයෝ මට කියන්න බලන්න රුපියල් කෝටි විසි එක් දහසකින් රුපියල් කොටි එකොලොස්දහසක් අඩු වුණාට පස්සේ ඉතිරි කීයද? කියලා. ඉතිරි කෝටි දස දහසට මොකද වුණේ.

DSC 5320
ඉතින් මම මේ වෙලාවේ ඒ නිසා කියන්න කැමතියි රුපියල් කෝටි දස දහසකින් පාසල් පොත් කීයක්‌ ගන්න පුළුවන්ද?. පාසල් කීයක්‌ හදන්න පුළුවන්ද?. එවැනි මුදල් යොදලා පාසල් තුල තවත් ගොඩනැගිලි හදන්න පුළුවන්, ඉස්පිරිතාල හදන්න පුළුවන්, මහා මාර්ග හදන්න පුළුවන්, රැකී රක්ෂා ඇති කරන්න පුළුවන්. ඒ නිසා රුපියල් කෝටි දස දහසක් සොරකම් කරපු හොරු සමග හිටපු වාසුදේව නානායක්කාර මහත්තයලා වගේ උදවිය දැන් අපිට කියනවා නඩු දානවා කියලා. ඒ නිසා පුළුවන් නම් නඩු දාන්න කියලා මම කියනවා.අපිට ප්‍රශ්නයක් නැහැ.මොකද අපි දැන් පොලිසියත්, අධිකරණයත් ස්වාධීන කරලා තියෙනවා. ඒ නිසා නඩු දාන්න පුළුවන්නේ, ප්‍රශ්නයක් නැහැ. අපි බය වෙන්නේ නැහැ. සැලෙන්නේ නැහැ. මේ නිසා වාසුදේව නානායක්කාර මහත්තයාලටයි, ඒ මහත්තයාලගේ උදවියටයි අපිත් සමග සෙල්ලම් කරන්න එපා කියලා මම කියන්න කැමතියි. සෙල්ලම් කරන ආණ්ඩුවක් නෙමෙයි මේක.

මෛත්‍රීපාල සිරිසේන මහත්තයා සිටින මේ ආණ්ඩුව, රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉන්න මේ ආණ්ඩුව, මනෝ ගනේසන් ඉන්න මේ ආණ්ඩුව සෙල්ලම් කරන ආණ්ඩුවක් නෙවෙයි. සෙල්ලම් ඉවරයි. අපි වැඩ කරන ආණ්ඩුවක්. ලබන වසරේ ජනවාරි මාසයේ පළමු සතිය වන විට අපේ සෙල්ලම් බලා ගන්න පුළුවන්. ඒ මොකක්ද? කියලා මම දැන් කියන්නේ නැහැ. ඒ නිසා මේ නඩු දාලා, එහෙමත් නැත්නම් හන්දි ගානේ ඇවිත් කෑ ගහලා, අපිට විරුද්ධව පෝස්ටර් ගහලා විවිධ දේවල් කලාට අපි බය වෙන්නේ නැහැ. මේ ආණ්ඩුව  ඒ වගේ සෙල්ලම් වලට බය වෙලා අපි දාලා යන්නේ නැහැ. 2020 වෙනකල් අපි ඉන්නවා. ඊට පස්සෙත් අපි ඉන්නවා. ලබන අවුරුදු විස්සකටවත් අපිව හොල්ලන්නවත් බැහැ. ඒ වෙද්දී එතුමාගේ රැවුල තවත් සුදු වෙලා තියේවී. නැත්නම් රැවුල වැටිලා තියේවී, ප්‍රශ්නයක් නැහැ. අපි නම් මේ ආණ්ඩුව දාලා යන්නේ නැහැ.

නවතම පුවත්

මේ රටේ විවිධ භාෂා කතා කරන ජන වර්ග දහ නවයක් ඉන්නවා. මේ විදියට විවිධ භාෂා කතා කිරීම ලස්සනයි,වර්ණවත්.ඒ විවිධත්වය තමයි අපේ ශක්තිය. - ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය ගරු මනෝ ගනේසන් මහතා

අප්‍රේල් 08 2017

මේ රටේ අනාගත නායකත්වය දරුවන් බව ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය ගරු මනෝ ගනේසන් මහතා පවසනවා.රටේ අනාගතය භාර...

ගරු මනෝ ගනේසන් අමාත්‍යතුමා කොළඹදී සිදු කළ කතාව

අප්‍රේල් 08 2017

මෙරට දරුවන්ගේ අධ්‍යාපන මට්ටම වැඩි දියුණු කිරීම සියලු මහජන  නියෝජිතයින්ගේ වගකීමයි. - ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය ගරු...

ශ්‍රී ලාංකික අනන්‍යතාවය යටතේ ජීවත් වන හැමෝම එක්සත් කිරීම තමයි මගේ වගකීම - ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය ගරු මනෝ ගනේසන් මහතා

අප්‍රේල් 09 2017

ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යවරයා වශයෙන් මෙම රාජ්‍ය භාෂා විෂය පථය මෙන්ම සහජීවනය හා සංවාද යන විෂය පථයන්...